රූපලාවන්‍යාගාර සියයට 50ක් වැසි යාමේ අවදානමක

රූපලාවන්‍යාගාර සියයට 50 ක් වැසී යන තත්වයට පත්ව ඇති බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා.
විදේශ නිෂ්පාදන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ඔවුන් පවසන්නේ.
රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය තහනම ඉවත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් මීට සති තුනකට පමණ පෙර ඉල්ලීමක් කර සාකච්ඡා කීපයක් ද පැවැත්වුවද මේ දක්වා තහනම ඉවත් නොකළ බවත් එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට යෙදෙන වැඩ අධික සමයට රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ලබාගැනීමට නම් අද හෙටම ආනයන තහනම ඉවත්කළ යුතු බව රූපලාවන්‍ය සහ කේෂ අලංකරණ ශිල්පීන්ගේ එකමුතුවේ සභාපති ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකි අපෝන්සු මහත්මිය පැවසුවාය.
රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ආනයනයට දින 45 ත් 60 ත් අතර කාලයක් ගතවන බවත් රජය ඉතාමත් ඉක්මණින් මේ පිළිබඳව අවධානය යොමුකරනු ඇති බවට විශ්වාස කරන බවත් අපෝන්සු මහත්මිය වැඩි දුරටත් කීවාය.
රූපලාවන්‍ය ක්ෂේත්රය පත්ව ඇති අසීරු තත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹදී ඊයේ (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ජැකි අපෝන්සු මහත්මිය එසේ පැවසුවාය.

