ඊයේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 83 දෙනාට ඇප

ඊයේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 83 දෙනාට ඇප

ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ විරෝධතා පාගමන අතරතුරදී අත්අඩංගුවට ගත් එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුලු 83 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

එරංග ගුණසේකර ඇතුලු තුන්දෙනෙකු අද පස්වරුවේ මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා ඩයස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණු අතර සෙසු 80 දෙනා මුදා හැරුණේ පොලිස් ඇප මතයි.

ඊයේ ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කළ විරෝධතා පාගමන ඩීන්ස් පාර හරහා කොළඹ දෙසට ගමන් කිරීමේදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළා.