හම්බන්තොට කිසිදු මන්දපෝෂණ තත්ත්වයක් නෑ – දිස්ත්‍රික් ලේකම්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු මන්දපෝෂණ තත්ත්වයක් නොමැති බව දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර ප්‍රකාශ කළා.
එම දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණ තත්වයක් පවතින බවට පළවූ වාර්තා පදනම් විරහිත බවයි මාධ්‍ය වෙත ඊයේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
මේ අතර ගම්පහ ප්‍රදේශයේ පාසල් සිසුවියක් දිවා ආහාරය සඳහා පොල්ම ද ආහාරයට ගැනීමේ සිද්ධියත් සමඟ මතුව ඇති තත්වය සම්බන්ධයෙන් තවදුරටත් සමාජයේ විවිධ කථාබහ ඇතිවනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ප්‍රකාශ කළේ පොල් පෝෂ්‍යදායී ආහාරයක් බවයි.
මේ අතර මෙරට පවුලක බදු බර රුපියල් 28,000 දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන පිළිබද මහාචාර්ය වසන්ත අතුකෝරල ප්‍රකාශ කළා.
රජය විසින් පනවා ඇති වක්‍ර බදු හේතුවෙන් මෙලෙස බදු බර වැඩි වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
ආහාර උද්ධමනය දරුණු ලෙස බලපා ඇති ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වන බව ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසනවා.
ලොව ආහාර උද්ධමනය සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ ට්ව්ටර් පණිවුඩයට අනුව ශ්‍රී ලංකාවට සිව්වන ස්ථානයට හිමි වී ඇති අතර එහි ඇතුළත් දකුණු ආසියානු කලාපයේ එකම රටද ශ්‍රී ලංකාවයි.
ලොව දුර්වල මුදල් ඒකක සහිත රාජ්‍යයන් දැඩි ආහාර උද්ධමන අර්බුදයකට මුහුණ දී ඇති බවයි මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙන්වා දෙන්නේ.

