තඹුත්තේගම මුදල් කොල්ලයට පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

තඹුත්තේගම මුදල් කොල්ලයට පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

තඹුත්තේගම නගරයේ දී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට තැත්කිරීමේ සිද්ධියට රාජාංගනය ප්‍රදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය අදාළ මන්ත්‍රීවරයා විසින් ලබා දීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව යි.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු විසින් නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ මෙම මුදල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (26) දහවල් ගිනි අවි පෙන්වා කොල්ලකෑමට තැත්කර තිබුණා.

එය ව්‍යාර්ථ වුණේ මාර්ගයේ මුර සංචාරයේ යෙදී සිටි තඹුත්තේගම පොලිසියේ සැරයන්වරයෙකු වහාම ක්‍රියාත්මක වී කොල්ලකරුවන්ගේ ගිනිඅවිය උදුරා ඔවුන්ව මෙල්ල කර ගැනීම හේතුවෙන්.

සබැඳි පුවත :- https://bit.ly/3ULp2Um