රුහුණු කුමාරි පීලි පනී

රුහුණු කුමාරි දුම්රිය දෙමටගොඩ ජලශක්ති ධාවනාගාරයේ දී නැවතීමේ සීමා ඉක්මවා ධාවනය කරවීම හේතුවෙන් පීලි පැනීමකට ලක් වී තිබෙනවා.
ඒ හේතුවෙන් ගොඩනැගිල්ලකට ද හානි සිදු වී ඇති බව යි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.
දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට කොතරම් වෙලාවක් ගත වනවා ද යන්න පිළිබඳ තවමත් තොරතුරක් නෑ.


