ශ්රී ලංකා ක්රිකට් අයියලා යළිත් වැඩ පෙන්වයි

ශ්රී ලංකා ප්රවීණයන් හා බංග්ලාදේශ ප්රවීණයන් අතර අද පැවති 20-20 තරගයෙන් ශ්රී ලංකා ප්රවීණයන්ගේ කණ්ඩායම ලකුණු 70ක ජයග්රහණයක් අත් කර ගත්තේය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකා ප්රවීණයන්ගේ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 05කට ලකුණු 213ක් ලබා ගත්තේය.
නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 51ක්, මහේල උඩවත්ත ලකුණු 43ක් සහ සනත් ජයසූරිය ලකුණු 37ක්. රැස් කළේ ය.
පිලිතුරු ඉනිම ක්රීඩා කල බංග්ලාදේශ ප්රවීණයන්ගේ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලබා ගත්තේ ලකුණු 143කි.

