අගෝස්තුවේදී ප්‍රවාහන වියදම් හැර අනෙක් කාණ්ඩවල මිල වැඩි වෙලා

අගෝස්තුවේදී ප්‍රවාහන වියදම් හැර අනෙක් කාණ්ඩවල මිල වැඩි වෙලා

මහ බැංකු දත්තවලට අනුව ඉකුත් ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයෙහි ප්‍රවාහන වියදම් හැර අන් සියලුම කාණ්ඩයන්හි වියදම්වල ප්‍රතිශතාත්මක වර්ධනයක් පෙන්නුම් කරනවා.

පසුගිය මාසයට අදාල, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ඉකුත් ජූලි මාසයෙහි ප්‍රවාහන වියදම්වල ඉහළ යෑම සටහන් වූයේ 117.1%ක් වුවත්, එය අගෝස්තු මාසය වන විට 113.3% දක්වා 3.8%කින් පහත ගොස් තිබෙනවා.

නමුත් එම වාර්තාවෙහි දැක්වෙන දත්තයන් අනුව ප්‍රවාහන වියදම් හැර අන් සියලුම කාණ්ඩයන්හි වියදම්වල ප්‍රතිශතාත්මක වර්ධනයක් පෙන්නුම් කරනවා.

එම කාණ්ඩයන් අතුරෙන් ඉහළ ම ප්‍රතිශතාත්මක උද්ධමනයක් පෙන්නුම් කරනුයේ, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන කාණ්ඩයේ වන අතර එය ඉකුත් ජූලි මාසයෙහි දැක්වුණු 22.9% සිට අගෝස්තු මාසය වන විට 32.1%ක් දක්වා 9.2%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු වියදම්වල උද්ධමනාත්මක ප්‍රතිශත ඉහළ යෑම දැක්වෙන්නේ, 10.1%ක් ලෙසයි.

ඊට අමතරව රෙදි පිළි හා පාවහන්වල මිල උද්ධමනය ඉකුත් ජුලි මාසය සාපේක්ෂව අගෝස්තුවේ සටහන් වන්නේ, 6.5%ක ඉහළ යාමක් ලෙසයි.

මේ අතර ඉකුත් ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ උද්ධමනාත්මක වැඩි වීම ආහාර සහ මධ්‍යසාර නො වන පාන ඇතුළත් කාණ්ඩයේ දැක්වෙන්නේ 2.1%කින් වන අතර මධ්‍යසාර පාන සහ දුම්කොළ නිෂ්පාදන ඇතුළත් කාණ්ඩයේ එම අගය දැක්වෙන්නේ 1.2%ක් ලෙසයි.

ඒ හැරුණු විට සෞඛ්‍ය, සන්නිවේදන, ආපන ශාලා සහ හෝටල් වියදම්වල ද පසුගිය ජුලි මාසයට සාපේක්ෂව ප්‍රතිශතාත්මක උද්ධමනාත්මක වැඩි වීමක් පෙන්නුම් කරනවා.

මේ සියලු කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ යාමේ මතුපිට උද්ධමනය ඉකුත් ජුලි මාසයේ දැක් වුණේ 66.7%ක් වුවත් අගෝස්තු මාසය වන විට එම අගය 70.2%ක් දක්වා, ඉහළ ගියේ 3.5%ක ප්‍රතිශතයකින්.

මහ බැංකු දත්ත අනුව ඒ ඒ කාණ්ඩවල උද්ධමනය දැක් වුණු ආකාරය පහතින්,

COMMENTS