රාජ්‍ය සේවකයන්ගේ කටටත් වැට බදී

රාජ්‍ය සේවකයන්ගේ කටටත් වැට බදී

රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියෙහි දැක්වෙන්නේ, ආයතන සංග්‍රහයෙහි දෙවැනි කාණ්ඩයේ 47 වැනි පරිච්ඡේදයේ 6 හා 7 වැනි වගන්ති ප්‍රකාරව රාජ්‍ය නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බවයි දැක්වෙන්නේ.

එමෙන්ම දේශපාලන අයිතිවාසික භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියෙකු විසින් සිදු නොකළ යුතු ක්‍රියාවක්, දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම නොමැති නිලධරයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කිරීම ද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව ද එහි දැක්වෙනවා.

එබැවින් නිවේදනය මගින් රාජ්‍ය නිලධාරින්ට දන්වා ඇත්තේ එවැනි අවස්ථාවලදී විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි.