ජනතාව විඳින දුක පාර්ලිමේන්තුවේ 225ට තේරෙන්නේ නැහැ

සමස්ත ව්‍යාපාරික ක්ෂේත්රයම බරපතළ අර්බුදයකට ලක්වී පවතින අවස්ථාවක රජය හැසිරෙන්නේ මිනිසුන් විදියට ද සතුන් විදියට ද යන්න සිතා ගැනීමට අපහසු යැයි ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.
මිනිසුන් විදියට හැසිරෙනවා නම් මිනිසුන්ගේ දුක තේරුම් යන බවත් ඇය කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය.
වැඩිදුරටත් ඇය දැක්වූ අදහස්,
“අපි හැම තිස්සේම කියන්නේ රට වැටෙන්න දෙන්න එපා, දේශපාලනය කරන්නත් රටක් තියෙන්න ඕන කියලයි. රටේ දළ දේශීය ආදායමට සියයට 51 ක් දායක වෙන්නේ රැකියා සපයන පිරිස්. පාර්ලිමේන්තුවේ 225 ට තේරෙන්නේ නැහැ, ඒ අයගේ ටැක්ස්, වැටුප්, විදුලි බිල ජනතාව ගෙවන නිසාත්, ඒ අයට රටේ ජනතාව විඳින දුක තේරෙන්නේ නැහැ.
අපි අමුද්‍රව්‍ය ටික ගේන්න අවස්ථාව දෙන්න කිව්වාම අමුද්‍රව්‍ය සමග නිමි ඇඳුම් ගෙන්වන්න දීලා. අමුද්‍රව්‍ය ටික ගෙනැල්ලා මේ රටේ භාණ්ඩයක් හදන්න යන වියදමට වඩා වැඩි වියදමක් නිමි ඇඳුම් ගෙන්වන්න ඩොලර් යනවා. මේවා කරන්නේ කවුද කියලා හිතාගන්න පුළුවන්. මහ බැංකුව ගත්ත මේ වගේ තීරණ නිසා රටෙන් ඩොලර් විශාල ලෙන එළියට යන්නෙ නැද්ද කියලා අහනවා. මේවාට තමයි ඩීල් කියන්නේ. අපි කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න බැංකුවලින් සියයට 28 – 34 වැනි පොලියට මුදල් ලබාගෙන ආයතන පවත්වාගෙන යන්න උත්සාහ කරන විට බලධාරීන් නිමි ඇඟලුම් ගෙනත් අපේ කර්මාන්ත වට්ටන්න කටයුතු කරනවා.
හිටපු ජනාධිපතිවරයාටත් යන්න වුණේ මේ වගේ තීන්දු තීරණ ගත්ත කිහිපදෙනා නිසයි. ඒ නිසා අපි දැන් ඉන්න ජනාධිපතිවරයාට කියනවා මේ වගේ තීන්දු තීරණ ගන්න අය ඔබ වටෙත් ඉන්නවා, ඒ අයගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. අපේ ගැටලු ගැන සාකච්ඡා කරන්න කමිටුවක් දාල තිබුණට ඒ කමිටු සාමාජිකයන්ට අපිව හමුවෙන්න වෙලාවක් වෙන් කරවා ගන්න බැරිවෙලා තියෙනවා.” යනුවෙන් පැවසීය.

