අවුරුදු 5ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන්

අවුරුදු 5ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන්

බර කිරීමට ලක් කළ මෙරට අවුරුදු 5 ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන් ලෙස පසුගිය මාසයේ වාර්තා වී තිබේ.

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ, අවුරුදු 5 ට අඩු දරුවන් සිටි නම් ළඟම ඇති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී දරුවාග් උස, බර, දිග මැනගන්නා ලෙසයි.

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට අඩු බර දරුවන්ගේ වාර්තා කිරීම වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි.

දෙවනුව වව්නියාව දිස්ත්‍රික්කයෙන් හා තෙවනුව අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය පැවසීය.

මේ අතර මෙරට සෑම පවුල් දහයකින් පවුල් හතරක් ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

එම වැඩසටහන පෙන්වා දෙන්නේ, උඩු දුවන ආර්ථික අර්බුදය මෙරට ආහාර සුරක්ෂිතතාවයට දිගින් දිගටම තර්ජනයක් වන බවත්, ඉහළ යන ආහාර සහ ඉන්ධන මිල ගණන් හේතුවෙන් මෙලෙස ජනතාව ආහාර අනුභවයෙන් ඉවත්ව යමින් සිටින බව ය.

ඉදිරියේදී මෙරට තත්ත්වය තවත් අයහපත් තත්ත්වයට පත්විය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.