ආනයනය සීමා තවදුරටත් ලිහිල් කෙරේ

ආනයනය සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමේ හැකියාව රජය විසින් සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (29) ප්‍රකාශ කළා.
මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන දේශීය නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙමින් ආනයන සීමා පනවා ඇති බවයි.
ඉකුත් අගෝස්තු මාසයේ දී නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් භාණ්ඩ 1465ක් ආනයනය කිරීම තහනම් කළ බව පැවසූ රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පැවසුවේ එම ලැයිස්තුව භාණ්ඩ 708ක් දක්වා ලිහිල් කළ බවයි.
බලපෑමට ලක් වූ විවිධ කර්මාන්තවල පුද්ගලයින් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන අදාල ආනයන සීමා ලැයිස්තුවෙන් භාණ්ඩ කිහිපයක් නිදහස් කළ බව පැවසූ ඔහු කියා සිටියේ, “මෙම අදියරේ දී ශ්‍රී ලංකාව සිය අපනයන වැඩිදියුණු කිරීම සහ ආනයන සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු” බවයි.
මේ අතර ඉදිරියේ දී එන තවත් ඉල්ලීම් සැලකිල්ලට ගෙන ආනයන තහනම තවදුරටත් ලිහිල් කිරීමට රජය සලකා බලන බවද ඔහු පැවසුවා.

