මාළු මිල බසී

පසුගිය දිනවලට සාපේක්ෂව මාළු මිල යම් මට්ටමකින් පහළ බැස තිබෙනවා.මත්ස්‍ය තොගද වැඩිවශයෙන් වෙළදපෙලට ලැබෙමින් පවතින බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ.
පසුගිය දිනවල සාලයා, කුම්බලා හා සූඩයා වැනි මත්ස්‍ය වර්ග කිලෝග්‍රෑමයක් රුපියල් 10 ක් වැනි මිලකට අලෙවි වුණා. එහෙත් මේ වන විට එම මත්ස්‍ය වර්ග කිලෝග්‍රෑමයක් රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි කෙරෙන බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ.
හලාවත මිගමුව මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණ වෙත මත්ස්‍ය තොග වැඩි වශයෙන් ලැබෙමින් පවතිනවා. පසුගිය දිනවල පැවති ඉන්ධන අර්බුදය ද මත්ස්‍ය මිල ඉහළ යාමට බලපා තිබෙනවා. එම අර්බුදකාරී තත්ත්වය ද ක්‍රමයෙන් මගහැරෙමින් පැවතීම නිසා ධීවරයින් සුපුරුදු පරිදි තම රැකියාවේ නිරතව සිටියි.

