සැත්කමකකින් පසු හර්ෂණී මිය ගියේ ඇයි ? සෞ.අ රාගම රෝහලින් වාර්තාවක් ඉල්ලයි

සැත්කමක් සිදුකිරීමෙන් පසු බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම නමැති විවාහක කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය රාගම රෝහලෙන් වාර්තාවක් කැඳවා තිබේ.
අංක 199/A, දෑලතුර, ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම නමැති තරුණ විවාහක කාන්තාවක් එසේ මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මියගිය කාන්තාවගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය රාගම රෝහලෙන් එසේ වාර්තාවක් කැඳවා ඇත.
ඇගේ පිත්තාශයේ ගල් තිබී ඇති බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් වත්තල පෞද්ගලික රෝහලකදී ඉකුත් 31 වන දා ඇයට ශල්‍යකර්මයක් සිදුකර ඇති බව ද එම ශල්‍යකර්මයේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් අසාධ්‍යව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත මාරු කර යවා තිබී ඇති බව ද අනාවරණය වෙයි.
රාගම රෝහලේ දින 25ක් ප්‍රතිකාර ලැබූ ඇය ඉකුත් 25 වන දා එසේ මිය ගොස් ඇත.
නිසි සැලකිල්ලකින් තොරව වත්තල පෞද්ගලික රෝහලේදී සිදුකළ ශල්‍යකර්මය නිසා තම සහෝදරියක ඉතා අවාසනාවන්ත ලෙස මියගිය බවට ඇගේ සොහොයුරා චෝදනා කරයි.
විවාහ වී මසකුත් දින කිහිපයකට පසුව ඇය මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.




