දමිතාගේ කතාවට බන්ධනාගාරයෙන් පිළිතුරු

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න ප්‍රසිද්ධ මාධ්‍ය වෙත පසු ගිය දා සිදු කළ ප්‍රකාශය පිළිබඳව බන්ධනාගාර මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලද බව ය.
එහිදී කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය ප්‍රකාශ කර ඇත්තේ, තමන් හට එවැනි කිසිදු බලපෑමක් සිදු නොවූ බව ත් දමිතා අබේරත්නගේ ආරක්ෂාව සඳහා සුදුසු ස්ථානයක රැඳවීමට කටයුතු කළ බව ත් ය.
ඒ අනුව, ඇය විසින් නගන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කර ඇත.
රංගන ශිල්පිනී දමිතා අබේරත්න පසුගිය දා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය තමන්ව “ජරා ගෑණු ඉන්න වාට්ටුවක රඳවා ලෙසට ඉහළින් බලපෑම් කළ” බව ප්‍රකාශ කර ඇති බව ය.

