විදුහල්පති පුරප්පාඩු රැසක්

විදුහල්පති පුරප්පාඩු රැසක්

දිවයින පුරා පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩුව හමුවේ මේ වන විට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ලංකා විදුහල්පති සේවා සංගමය පවසනවා.

2019 පසු විදුහල්පති සේවයට බඳවා ගැනීම් සිදුනොවීම හේතුවෙන් මේ වන විට 4000කට අධික විදුහල්පති පුරප්පාඩු රට තුළ පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 60 ට සීමා කිරීම තුළ , මෙම වසරේදී විදුහල්පතිවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාමටද නියමිත බවයි ලංකා විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ