අධි ආරක්ෂිත කලාප නම් කළ ගැසට් නිවේදනය හකුලාගනී

අධි ආරක්ෂිත කලාප නම් කළ ගැසට් නිවේදනය හකුලාගනී

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, පාර්ලිමේන්තුව හා ත්‍රිවිධ හමුදා මූලස්ථාන ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් පසුගිය 23 වැනිදා නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (01) සිට ක්‍රියාත්මකවන පරිදි අහෝසි කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

පසුගියදා නිකුත් කෙරුණු අධි ආරක්ෂිත කලාප ගැසට් නිවේදනය අනුව නම් කෙරුණු කලාපයන්හි මාර්ගවල, පිට්ටනිවල, වෙරළක හෝ එළිමහන් ස්ථානවල ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම ඇතුළු ඇතැම් කටයුතු තහනම් කෙරුණා.

කෙසේ වෙතත් එම ගැසට් නිවේදනයට පාර්ශ්ව රැසක් විරෝධය පළ කළ අතර ඊට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්ද ගොනු කරනු ලැබුවා.

COMMENTS