ජනප්‍රිය නළු දර්ශන්ගේ අවසන් කටයුතු 5 වෙනිදා

ජනප්‍රිය නළු දර්ශන්ගේ අවසන් කටයුතු 5 වෙනිදා

අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු උපන් ගම වන රක්වානේ දී එළැඹෙන බදාදා (05) පස්වරුවේ, ආගමික චාරිත්‍රානුකූලව සිදුකිරීමට නියමිත අතර මේ වන විට ඔහුගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව හෙට සවස 3.00 දක්වා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ දී ඔහුගේ දේහයට මහජන ගෞරවය දැක්විය හැකියි.

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අද (02) උදෑසන ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුණා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පෙරවරු 6.30ට පමණ කොළඹ ජාතික රෝහල වෙත, ඔහුව රැගෙන විත් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග මගින් වාර්තා වන්නේ.

ඔහු මියයන විට 41 වැනි වියේ පසුවුණා

සබැඳි පුවත:- https://bit.ly/3SMY4JV