තවත් ඇමතිවරු 10ක් දිවුරුම් දෙයි ?

තවත් කැබිනට් අමාත්‍යවරු දස දෙනෙකු අද (03) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙනවා.
අන්තර්කාලීන රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේ පසුගිය ජූලි මස 22 වනදායි. ඒ අනුව දැනට පවතින කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 18 ක්.
කෙසේ වෙතත් පවතින අමාත්‍යධූර සංඛ්‍යාව තවදුරටත් වැඩි කරමින් තවත් මන්ත්‍රීවරුන් දස දෙනෙකු අද දිනයේදී දිවුරුම් දීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වෙන්නේ.

