හිටපු කායවර්ධන ශූර ජනක සමරසිංහට අලුත් තනතුරක්

හිටපු කායවර්ධන ශූර ජනක සමරසිංහට අලුත් තනතුරක්

ලෝක කායවර්ධන සහ යෝග්‍යතා සම්මේලනයේ විද්‍යාත්මක පර්යේෂණ සහ අධ්‍යාපන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ප්‍රවීන යෝග්‍යතා උපදේශකයෙකු, ජාත්‍යන්තර දේශකයෙකු සහ හිටපු කායවර්ධන ශූර ජනක සමරසිංහ පත් කර තිබෙනවා.

එතුමා මෙම විෂය පිළිබඳව ග්‍රන්ථ හතරක් මේ වන විට රචනා කර ඇති අතර, ක්‍රීඩා සහ ව්‍යායාම විද්‍යාව පිළිබඳව එංගලන්තයේ එඩින්බර්ග් නේපියර් විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන අතර, මේ වන විට ක්‍රීඩා විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු වල නිරත වෙනවා.

ඉදීරියේදී ආසියානු කලාපයේ රටවල කායවර්ධන සහ යෝග්‍යතාවය, විද්‍යාත්මක පර්යේෂණ සහ අධ්‍යාපනික කටයුතු ප්‍රවර්ධනය සඳහා එක්ව වැඩ කිරීමට ඔහු ලෝක කායවර්ධන සහ යෝග්‍යතා සම්මේලනය සහ එක්ව වැඩ කරනු ලබනවා.