වනිඳු තවත් ඉදිරියට

වනිඳු තවත් ඉදිරියට

පන්දුවාර 20 නවතම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග තුන්වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ඔහු ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692ක්.

මීට පෙර ඔහු සිටියේ පස්වන ස්ථානයේ

වනිඳු හසරංග T20 තුන් ඉරියව් ක්‍රීඩකයන ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ හතරවන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 184ක් හිමිකරගනිමින්.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Adam Zampa T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල හතරවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබෙනවා.

දකුණු අප්‍රිකා ක්‍රීඩක Tabraiz Shamsi ස්ථාන දෙකක් පහළට යාමත් සමඟයි ඔවුන් දෙදෙනාට මෙම නව ස්ථාන හිමිව ඇත්තේ.

මේ වන විට T 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන පසුවන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Josh Hazlewood.