අද තීරණාත්මක දිනයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවට එරෙහි 51 වැනි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (06) සිදු කිරීමට නියමිත යි.
පසුගිය මස 12 වනදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම් සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වුණා.
එංගලන්තය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ ඇමරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදාළ යෝජනාවලිය සකස් කළා.
ඒ, ශ්‍රී ලංකාවේ සංහිඳයාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මාතෘකාව යටතේ යි.
මේ අතර, අදාළ යෝජනාවට ශ්‍රී ලංකාව එරෙහි වන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ, ජිනිීවා නුවර සිට සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,
‘‘ජිනීවා සමුළුවට මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව බලගතු රාජ්‍යයන් කණ්ඩායමක් එකතු වී යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. විවිධ කාලවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. දේශීය යන්ත්‍රණයක් තුළින් අදාළ යෝජනා සඳහා පිළිතුරු දීමට උත්සාහ කළත් ඇතැම් රාජ්‍යයන් ඒ සම්බන්ධයෙන් සෑහීමට පත් වන්නේ නැහැ. පසුගිය 2009 වසරේ යුද ජයග්රහණයෙන් පසුව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,194 දෙනකු පුනරුත්ථාපනය කොට සමාජ ගත කරන්න ශ්‍රී ලංකා රජය සමත්ව තිබෙනවා. යනුවෙන් පැවසීය.

