මිනුවන්ගොඩ වෙඩි තැබීමක් – පියා සහ පුතුන් දෙදෙනෙක් මරුට

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, යතුරු පැදියකින් හා මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 51 හැවිරිදි පියා සහ 23 හා 24 හැවිරිදි ඔහුගේ පුතුන් දෙදෙනායි.

