දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමාපියන් සැලකිලිමත් විය යුතු කාලයක්

නිවසකින් අතුරුදන් වූ දරුවෙකු පොහොර උරයක දමා ගැට ගසා ලඳු කැලෑවක දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ.
අදාළ සිදුවීම වාර්තාවන්නේ ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයෙනි.
මෙම දරුවාගේ මව නිවස ඉදිරිපිට වෙළද සැලේ සිටියදී සැකකරු මෙසේ පැහැර ගැනිම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ
දරුවා නොමැති බව දැනගත් මව නිවස හා වෙළද සැල අවට සොයා ඇති අතර පසුව ප්‍රදේශවාසින් සමඟ එක්වි දරුවා සොයද්දී උරයක දමා ඉතා අසිරුවෙන් සිටියදී බේරා ගෙන තිබේ.
එම දරුවාගේ වයස අවුරුදු 04කි.
සොයාගැනීමෙන් අනතුරුව කම්පනයට පත්ව සිටි දරුවා ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
දරුවා සිටි පොහොර උරය හමුවී ඇත්තේ දරුවාගේ නිවසේ සිට මීටර් 150ක් පමණ දුරින් ඇති ලඳු කැලෑවක තිබියදීය.
සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන්ගේ ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවකු හා සොරකම් රැසකට සම්බන්ධ 22 හැවිරිදි පුද්ගලයකු මෙසේ දරුවා පැහැර ගෙන ගොස් තිබු බව පොලිසිය කියයි. .
දරුවා පැහැරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

