කෝටිපතියන් මුලාකළ ප්‍රියමාලිගේ තවත් මුදල් වංචා එළියට

මුදල් වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තිළිණි ප්‍රියමාලී නම් කාන්තාව තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7,500ක මුදලක් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබේ.
එමෙන්ම රහත් වී ඇතැයි පවසන භික්ෂුවක් සමඟ එක්ව රත්‍රං ලබාදෙන බව පවසමින් සැකකාරිය තවත් ව්‍යාපාරිකයන් රැසක් රටවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් මුලාකර මුදල් වංචා කළැයි චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලී නම් කාන්තාව පිළිබඳව තවත් කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
තමන්ගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන ලෙස බලකරමින් ඇය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7,500 ක මුදලක් ලබාගෙන ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
එම ව්‍යාපාරිකයාගෙන් විමර්ශන නිලධාරීන් ඊයේ (07) ප්‍රකාශ ලබාගත් බව වාර්තා විය.
අවස්ථා තුනකදී ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති සැකකාරිය ඔහුට නැවත මුදල් ලබාදී නොමැති බව සඳහන් ය.
මේ අතර එම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සමග සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන සුරූපි රංගන ශිල්පිනියකගෙන් ද සැකකාර කාන්තාව රුපියල් කෝටි 10ක පමණ මුදලක් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී තිබේ.
එමෙන්ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කළේ සැකකරු තම කාර්යාලයට යාබද ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සමඟ මිතුරු වී ඇති බවයි.
සැකකරු ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර එම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සමග සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන සුරූපි රංගන ශිල්පිනියකගෙන් ද සැකකාර කාන්තාව රුපියල් කෝටි 10ක පමණ මුදලක් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී තිබේ.
අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකරුගේ ව්‍යාපාරයට මුදල් ආයෝජනය කිරීමට ප්‍රසිද්ධ දේශපාලනඥයකු ද මුදල් ලබාදී ඇති බවයි.
කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු ඔක්තෝබර් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

