රජරට ඔඩිසි අද සිට ගමනේ

අනුරාධපුරය දක්වා ගමන් ගන්නා රජරට ඔඩිසි විශේෂ දුම්රිය අද (08) සිට සෑම සෙනසුරාදා දිනකදීම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඒ, අනුරාධපුරය දක්වා ගමන් ගන්නා සංචාරකයින් සහ වන්දනාකරුවන් වෙනුවෙනි.
ඒ අනුව සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.20 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 1.42 ට අනුරාධපුරයට ළඟාවීමට නියමිතය.
අනුරාධපුරයෙන් පස්වරු 5.00 ට ගමන් අරඹන දුම්රිය රාත්රී 9.14 ට කොළඹ කොටුවට ළඟා වේ.
වායුසමනය කළ මැදිරි 10කින් සමන්විත දුම්රියේ සම්පූර්ණ ආසන ධාරිතාව 480 කි.

