තිළිණි පියුමාලි, නම් ලැයිස්තුවට එරෙහිව දයාසිරි CID යයි

මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති තිලිණි පියුමාලි නම් කාන්තාවට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නම් ලැයිස්තුවට තම නම ද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ නම් ලැයිස්තුව සඳහා තමන්ගේ නම් එකතු කළේ කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා සිටි බව ද දයාසිරි ජයසේකර එහිදී පැවසීය.

