කළුතර පොහොට්ටු රැලිය පොඩි ආටිපිෂල් වැඩක් – මෛත්‍රී

කළුතර පොහොට්ටු රැලිය පොඩි ආටිපිෂල් වැඩක් – මෛත්‍රී

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර පැවැත්වූ රැස්වීම “විහිළුවක්” බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඊයේ (09) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වත අදහස් දක්වමිනි.

එය “පොඩි ආටිපිෂල්” වැඩක් බවත් ආර්ථික ගැටලුවලින් පීඩාවට පත්වී සිටින ජනතාවට විහිළු සැපයීමක් බව ද ඒ හිටපු ජනපති කීය.

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබුණ ද එය කල්ගිය බැවින් ඉදිරියේදී එයට තවත් සංශෝධන එකතු වීමේ හැකියාව ඇතැයි ද හිටපු ජනපතිවරයා මෙහිදී පැවසීය.

රජය රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ගන්නා ඕනෑ ම යහපත් තීරණයකට තම පක්ෂය සහය ලබා දෙන බව ද සිරිසේන මහතා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.