තිළිණි ප්‍රියමාලිගේ තවත් තොරතුරු එළියට

තිළිණි ප්‍රියමාලිගේ තවත් තොරතුරු එළියට

මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි සතුව තිබි සොයාගත් ජංගම දුරකනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

රුපියල් පනස් දහසක් ලබා දෙන බවට පවසමින් ඇය විසින් සිර මැඳිරියේ සිටි කාන්තා රැඳවියෙකුගෙන් මෙම ජංගම දුරකතනය ලබාගෙන ඇති බවට යි දැනට සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම අදාළ කාන්තා රැදවියාට මෙම ජංගම දුරකනය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක යි.

මේ වන විට මෙම ජංගම දුරකතනය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර එහි දත්ත ඔස්සේ ද විශ්ලේෂනය කරමින් පවතිනවා.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ, ඇයගේ මූල්‍ය ආයතනයෙහි මුදල් තැන්පත් කළ පුද්ගලයෙකු විසින්.

මෙම පැමිණිල්ලත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ බවට තම පක්ෂයේ සාමාජිකයින් කිහිපදෙනෙකුගේ නම් සඳහන් කරමින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරණයන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ද අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට නියමිත යි.