පළමු පුහුණු තරඟයේ ජය ශ්‍රී ලංකාවට

පන්දු වාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු පෙරහුරු තරඟයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 188ක් ලබාගත් අතර සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 155ක් පමණයි.


