ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

මැදි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.
මෙරට ඒකපුද්ගල ආදායම දිනෙන් දින අඩු වීම හේතුවෙන් ලෝක සංවිධාන ආධාර ලබා දීම සඳහා කළ ඉල්ලීමකට අනුව මෙලෙස වර්ගීකරණය පහත දැමීමට තීරණය කළ බවයි කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

