සාරුවා සුනිල් නිදොස් කොට නිදහස්

සාරුවා සුනිල් නිදොස් කොට නිදහස්

බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට වරදකරු කරමින් වසර 15ක බරපතළ වැඩ සහිත ව සිරදඬුවම් ලැබූ සාරුවා සුනිල් සියලු චෝදනාවලින් හා දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ, අභියාචනාධිකරණය ලබා දුන් නියෝගයකට අනුව යි.

සාරුවා සුනිල් හෙවත් සාරුවා ලියනගේ සුනිල් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා යි.

2012 වසරේ දී බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සාරුව ලියනගේ සුනිල්ට චෝදනා එල්ල වූ අතර, 2020 ජනවාරි 17 වැනි දා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය ඔහුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවක්, රුපියල් 25000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කළා.

COMMENTS