තෑගි දෙනවා කියලා මුදල් වංචා කරලා – සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබට දැනුම් දීමක්

තෑගි දෙනවා කියලා මුදල් වංචා කරලා – සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබට දැනුම් දීමක්

විවිධ ත්‍යාග ලබාදෙන බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා ඔවුන්ගෙන් රුපියල් එක්කෝටි දහසය ලකෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

අදාළ සැකකරු එම මුදල සිය බැංකු ගිණුම් වෙත තැන්පත් කරගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු මුදල් වංචා කිරීම, සාපරාධි සාවද්‍ය පරිහරණය, සාපරාධි විශ්වාසය කඩ කිරීම හා මුදල් විශූද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි හිඹුටාන, අංගොඩ යන ප්‍රදේශයයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (12) කොළඹ මහ‍ෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.