අත්අඩංගුවේ සිටින ප්‍රියමාලි මාංචු නැතුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එයි

කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ ප්‍රභූ පන්තියේ ධනවතුන් රවටමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි අද (12) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබේ.
බන්ධනාගාර නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරක්ෂාව යටතේ ඇයව මෙලෙස රැගෙන එනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් විශේෂ නියෝගයක් මත විමර්ශන කටයුත්තක් සඳහා ඇයව මෙලෙස ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබේ.
ඇයව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තවත් ස්ථාන තුනකට රැගෙන යාමට නියමිතව ඇත.
බන්ධනාගාර නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙන අවස්ථාවේ සාමාන්‍යයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හට පලඳන මාංචු යොදා නො තිබීම විශේෂත්වයක්.

