තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි අද (13) කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ බන්ධනාගාර නීතිරීතිවලට යටත්ව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකතනයක් සැකකාරිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්.

ඔක්. 6 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළ තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරිනියන් විසින් පසුගිය දා ජංගම දුරකතනයක් සොයා ගනු ලැබ තිබිණි.