සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කෙරේ

සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, ජල උත්පාදනය වැඩි වීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන්.
ජල පෝෂක ප්රදේශවලට වර්ෂාව දිගට ම පැවතුන හොත් විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගනු ඇති බව යි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඉදිරි විදුලි උත්පාදනය සඳහා පවතින ජල සම්පත් ලංකා විදුලි බල මන්ඩලය කළමනාකරණය කරනු ඇති බව ද සඳහන්.

