පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට වෙඩි

මාරවිල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසියෙන් අද (15) උදෑසන වෙඩි තබා තිබෙනවා.

පසුව එහි සිටි පුද්ගලයෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම මෝටර් රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් තොගයක් ද සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද පොලිසිය සඳහන් කළා.