පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට වෙඩි

මාරවිල ප්රදේශයේදී අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසියෙන් අද (15) උදෑසන වෙඩි තබා තිබෙනවා.
පසුව එහි සිටි පුද්ගලයෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම මෝටර් රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් තොගයක් ද සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් වෙඩි ප්රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද පොලිසිය සඳහන් කළා.

