වගා කළ හැකි සියලු ඉඩම් වගා කර රටේ ආහාර සුරක්ෂිතාව තහවුරු කරන්න

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ පා සිටින ඉඩම් ගැටලුව පිළිබඳ ඊයේ (14) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණු සාකච්ඡාවට එක් වෙමිනි.
පාරම්පරිකව ගොවීන් විසින් වගාකරන ලද එහෙත් යුද්ධය නිසා අතහැර ගොස් තිබී යුද්ධය නිමවීමෙන් පසුව වනජීවි හා වනරක්ෂිත ලෙස මායිම් ගල් දමා ඇති පාරම්පරික ඉඩම් නැවත ගොවීන් වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර ඇත.
ගොවි ජනතාවගේ ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති ජනාධිපතිවරයා ඉදිරි යල මහ කන්න සාර්ථක කර ගනිමින් 2023 ඇති විය හැකි ආහාර අර්බුදයට සූදානම් වීමේ අවශ්යාතාව පැහැදිළි කර තිබේ.
එමෙන් ම, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විමසා බලා ඇත.

