සනත් නිශාන්තගේ ජීප් රථය පා පැදියක ගැටෙයි – පාපැදි කරුට බරපතලයි

සනත් නිශාන්තගේ ජීප් රථය පා පැදියක ගැටෙයි – පාපැදි කරුට බරපතලයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට අයත් ජීප් රථයක ගැටී පුත්තලම ප්‍රදේශයේදී බරපතල තුවාල ලැබූ පාපැදිකරුවෙක් පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරට පත් පුද්ගලයා පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිදිරි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.