අද විටින් විට ගිගුරුම් සහිත වැසි

අද විටින් විට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ඊයේ දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව අවතැන් වූවන්ට සහ අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය සියලුම සහන කඩිනමින් සැලසීමට පියවර ගන්නා ලෙසයි.

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් භාණ්ඩාගාරයෙන් මුදල් අමාත්‍යාංශය මගින් වෙන් කර ඇති බව ද වාර්තා වුණා.

COMMENTS