කවුරු මොනවා කිව්වත් අපි දරුවෝ අරන් පාරට බහිනවා

කවුරු මොනවා කිව්වත් අපි දරුවෝ අරන් පාරට බහිනවා

දරුවන්ට පරිප්පුයි බතුයි වත් කන්න දෙන්න විදිහක් නැති බවත්, කෙතරම් බාධක පැමිණියද රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරුවන් සමගින් අරගල කිරීම අඛන්ඩව සිදුකරන බව අරගලයේ නියුතු පාර්ශ්වයන් පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ඒ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරිනී රශ්මිනි විහංගා මහත්මිය පැවසුවේ,

“09 වනදා මගේ මහත්තයාගේ අතේ දරුවා ඉන්නවා දැක දැක තමයි ඇවිල්ලා පහර දුන්නේ. කවුරු මොනදේ කිව්වත් අපි දරුවෝ අරගෙන පාරට බහිනවා. පරිප්පුයි බතුයි වත් කන්න දෙන්න විදිහක් නැහැනේ. කිරිපිටි ටිකක් දෙන්න විදිහක් නැහැ. ඒ ප්‍රශ්න හින්දාතමයි අපි පාරට බැස්සේ. මෙච්චර කල් දරුවෝ අරගෙන අපි පාරට බැස්සේ නැහැනේ. ” යනුවෙන් පැවසීය.