මුරුත්තෙට්ටුවේ හිමිගේ V8 රථයේ කතාවට ආපු අලුත් කතාව

මුරුත්තෙට්ටුවේ හිමිගේ V8 රථයේ කතාවට ආපු අලුත් කතාව

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හා තමන් ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් එය පාඩු ලැබූ නිසා එම මුදල ගෙවීම සඳහා රථය විකුණා මුදල් ලබාගන්නා ලෙස කළ ප්‍රකාශ මත V8 රථය විකුණූ බවත් කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර ප්‍රකාශ කරනවා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ V8 රථය විකුණා මුදල් ලබා ගෙන එම මුදල් ලබා නොදුන් බවට චෝදනාවට ලක්ව සිටින කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර විසින් තමන්ට නගන චෝදනා සම්බන්ධයෙන් මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නමට මෙම රථය ලියාපදිංචි කර නොමැති බවයි.

“මුලින්ම කියන්න ඕනේ මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ට අයිති වාහනයක් මම අරගෙන නෑ… මම හොරෙන් අරගෙනත් නෑ. 2017 ඇති වුණ සිදුවීමක් තමා ඔය තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එක්තරා ව්‍යාපාරයක් සඳහා මුදල් යොදවන්න කියලා යෝජනා කළා. ඒ යෝජනාවට මම කැමති වෙලා, ඒකට මම මුදල් යෙදෙව්වා. නමුත් ඒ මුදල් යොදවපු ව්‍යාපාරය සාර්ථක වුණේ නැහැ. මම ඒ මුදල් ඉල්ලලා කරදර කරාම. ස්වාමීන් වහන්සේ මට ඔය වාහනය අරගෙන විකුණලා මුදල් ටික ලබාගන්න කියලා තමයි ස්වාමින් වහන්සේ මට කිව්වේ. ස්වාමීන් වහන්සේ ඒ දීපු ලේඛන හා කතා කරපු සියලුම තොරතුරු මගේ ළඟ තියෙනවා. මේකේ ලේඛන ස්වාමින් වහන්සේ ළඟ තිබුණෙත් නෑ ඇත්තටම. වාහන මෙරටට ගෙනල්ලා විකුණන ආයතනයක තමා ලේඛන තිබුණේ. V8 රථයේ කිසිම තැනක මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ගේ නම නම් තිබුණේ නෑ. ඒ වාහනය මට දීපු දවසේ ඉඳලා මගේ බෙන්ස් රථයයි ජිප් රථයයි ස්වාමින් වහන්සේට පදින්න දුන්නා. මෑතක් වෙනකල් ස්වාමින් වහන්සේ පාවිච්චි කළා. ඒ වාහනේ යම් දෝෂයක් පැන නැගුණා මම වාහනය ගෙනල්ලා ගැරෑජ් එකට දැම්මා. සමහරවිට ස්වාමීන් වහන්සේට ඒ කේන්තියත් ඇති. මම කෙරේ ස්වාමීන් වහන්සේ ඉල්ලන ඉල්ලන පාරට සල්ලි දුන්න එක විතරයි. බෞද්ධයෙක් විදියට මම අනුකම්පා කරනවා ස්වාමීන් වහන්සේට.” යනුවෙන්