ඉතිරි තරඟ දෙක දිනලා, ඉස්සරහට ගිහිල්ලා, රට දිනවන්නයි අපේ බලාපොරොත්තුව

ඉතිරි තරඟ දෙක දිනලා, ඉස්සරහට ගිහිල්ලා, රට දිනවන්නයි අපේ බලාපොරොත්තුව

ඊයේ (16) තරඟය නැමීබියාව හමුවේ පරාජයවීමට හේතුව කණ්ඩායමේ පන්දු යවනන්ගේ අඩුපාඩු හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.

තරඟයෙන් අනතුර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඒ බව සඳහන් කළේය.

“ප්‍රධානම අඩුපාඩුව වුණේ අපේ පන්දු යවන්නන්ගේ එක ලයින්නැන්ලෙන්ත් එකක් නොමැතිවීම. අපේ පන්දු යවන්නන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ වේගයත් එක්ක හරි තැන්වල බෝල් කරලා ඕනම ජාත්‍යන්තර පිතිකරුවෙක්ව චැලෙන්ජ් කරන්න. මම හිතන්නේ ප්‍රතිශතයක් විදිහට අරගෙන බැලුවොත් නැමීබියා පන්දු යවන්නන් 80%ක් වගේ ප්‍රමාණයක් හරියටම කළා. අපේ අරගත්තොතින් 40%ක් ව‌ගේ හොඳ ඒරියාවල බෝල් කළේ.”

මාධ්‍යවේදීයා – ධනුෂ්ක ගුණතිලගේ ෆෝම් එක ගැන ඒයා ලකුණු අතර හිටියේ නැහැ මේ ටිකේම. මොකද්ද මේ ගැන ගන්න තීරණය?

දසුන් ශානක – “මම හිතන්නේ අපි ගොඩක් වේලාවට එකදිගටම චාන්ස් එක ලබාදුන්නා එකම ක්‍රීඩකයින්ට. අනික විනින් කම්බිනේෂන් එක අසියානු කුසලානයේ ඉඳලාම.. ධනුෂ්කට තව අවස්ථාවක් දියයුතුයි. චරිත් අසලංක ඉන්නවා ඔහු ගියවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා. ඉතින් ඔහුට හොඳ අවස්ථාවක් තියෙනවා ඊළඟ තරගවලදී ඉදිරියට ඇවිල්ලා ක්‍රීඩාකරලා හොඳින් කරන්න.”

වැඩි දුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක,

“ලෝක කුසලානය කියන්නේ අනිවාර්යයෙන්ම චැලෙන්ජ් එක වැඩි, කන්ඩිෂන් වෙනස්, මම හිතනවා අපිට කන්ඩිෂන් වලට හරියන ක්‍රීඩකයෝ ඉන්නවා. එකම දේ අපි ඒ දවසේ ප්‍රෝෆෝම් කරන්න ඕනේ 20යි 20 තරඟවලදී. මම හිතනවා අපි හොඳට ක්‍රීඩා කලේ නෑ, අනිවාර්යයෙන්ම ඉතිරි තරඟ දෙක ජයග්‍රහණය කරලා, ඉස්සරහට ගිහිල්ලා හොඳට තරඟාවලිය ක්‍රීඩා කරලා රට ජයග්‍රහණය කරවන්න තමයි අපේ බලාපොරොත්තුව.” යනුවෙන් පැවසීය.