අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගන්න එක පුද්ගලයෙකුට යන මාසික වියදම තවත් ඉහළට

අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගන්න එක පුද්ගලයෙකුට යන මාසික වියදම තවත් ඉහළට

මෙරට ඒක පුද්ගල මාසික වියදම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඉකුත් ජුලි මාසයේ දී පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය වියදම ලෙස දැක්වුණේ රුපියල් 13,138ක්.

එහෙත් අගෝස්තු මාසයේ දී එය රුපියල් 13,460 දක්වා ඉහළ ගොස් ඇති බව යි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවමත දත්තා වාර්තාවේ දැක්වෙන්නේ.

මසකට වැඩි ම වියදමක් දැරීමට සිදු ව ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කය තුළ ජිවත් වන පුද්ගලයෙකුට වන අතර එම මුදල රුපියල් 14,517ක්.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවට අනුව අඩු ම ඒක පුද්ගල වියදම මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රුපියල් 12,870ක් වනවා.

මේ වසර ආරම්භයේ දී මෙරට ඒකපුද්ගල වියදම ලෙස දැක්වුණේ, රුපියල් 7913ක්.