ත්‍රීරෝද රථවලට ඉන්ධන ලබාගැනීමට අමතර කෝටාවක්

ත්‍රීරෝද රථවලට ඉන්ධන ලබාගැනීමට අමතර කෝටාවක්

ත්‍රීරෝද රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා අමතර කෝටාවක් ලබාදීමට ඉදිරි සති දෙක තුළ කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් නඟන ලද පැනයකට පිළිතුරු දෙමිනු යි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.