අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරඟය අද (18) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1.30ට ආරම්භ වීමට නියමිතය.

එය ඔස්ට්‍රේලියාවේ ජීලොන්ග්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය 20යි 20 ලෝක කුසලානයකදී ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද මෙය වේ.

මීට පෙර දෙරට අතර එක් පන්දුවාර 20යි 20 තරගයක් වර්ෂ 2016දී පවත්වා ඇති අතර එය ශ්‍රී ලංකාව ජයගෙන ඇත.

20යි 20 ලෝක කුසලානයේ රැදී සිටීමටනම් අද තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශයෙන් වැදගත් වෙනවා.

ශ්‍රී ලංකාව සහභාගී වූ ප්‍රථම තරඟය නැමීබියාව හමුවේ ලකුණු 55ක අනපේක්ෂිත පරාජයක් අත්විය.

ඒ හේතුවෙන් අද පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මත තරගයක් වේ.

ශ්‍රී ලංකාව මේ වනවිට A කාණ්ඩයේ සිව්වන ස්ථානයේ පසුවේ.