අටමස්ථානාධිපති හිමිගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව

අටමස්ථානාධිපති හිමිගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව

අපවත් වී වදාළ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිත ව සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඒ අනුව ආදාහන පූජෝත්සවයේ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පත්කර තිබෙනවා.

ඒ අනුව අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔක්තෝම්බර් 22 සෙනසුරාදා පස්වරු 2.30ට අනුරාධපුරයේ දී සිදුකිරීමට නියමිත බව යි වාර්තා වෙන්නේ.

COMMENTS