අටමස්ථානාධිපති හිමිගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව

අපවත් වී වදාළ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිත ව සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ඒ අනුව ආදාහන පූජෝත්සවයේ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පත්කර තිබෙනවා.
ඒ අනුව අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔක්තෝම්බර් 22 සෙනසුරාදා පස්වරු 2.30ට අනුරාධපුරයේ දී සිදුකිරීමට නියමිත බව යි වාර්තා වෙන්නේ.

