අන්තිම කැමති පත්‍රයට ආපු අලුත් වෙනස

අන්තිම කැමති පත්‍රයට ආපු අලුත් වෙනස

අන්තිම කැමති පත්‍රය 5 දෙනෙකු අත්සන් කිරීමේ ක්‍රමවේදය ඉවත් කර නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා අස්සන් කරන ක්‍රමවේදය හඳුන්වා දීමට අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අද (19) දින සංශෝධන පනත් කෙටුම්පත් 5ක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනු යි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මේ බව සඳහන් කළේ.

එසේ ඉදිරිපත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත් 5 වන්නේ, අන්තිම කැමති පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ඇටෝනි බලපත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ලේඛන ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත, වංචා වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ නොතාරිස් සංශෝධන පනත් කෙටුම්පත යි.