නව ජල සබධතා ගාස්තු 70% කින් ඉහළට

නව ජල සම්බන්ධතාවක් ලබාදීම සඳහා අය කෙරෙන ගාස්තුව සියයට 70 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 16,000 ක්ව පැවති අඟල් භාගයේ ජල සබඳතාවක් ලබා ගැනීම සඳහා වන ගාස්තුව රුපියල් 27,200 ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එසේම අඟල් තුන්කාල ජල සබඳතාවක් ලබා ගැනීමේ නව සංශෝධිත ගාස්තුව රුපියල් 51,000 ක්.
මීට පෙර ඒ සඳහා අය කරනු ලැබුවේ රුපියල් 30,000 ක මුදලක් බවයි ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
ජල සම්බන්ධතා ගාස්තු ඊයේ දින සිට මෙලෙස සියයට 70 කින් ඉහළ දමා ඇත්තේ ජලනල උපාංග මිල ඉහළ යාම හේතුවෙන්.
මේ අතර එකවර එම මුදල ගෙවීමට අපහසු පරිභෝගිකයන්ට එය කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබාදී ඇති බවයි ජල සම්පාදන මණ්ඩලයේ, වානිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාත කියා සිටියේ.

